පාකිස්තානයේ සමස්ත භූමියේ සියයට 44 ක් නියෝජනය කළ බාලොකිස්තාන් පළාත දැන් පාකිස්තානයෙන් ස්වාධීන බව ප්‍රකාශයට පත් කරමින්, නිවේදනයක් කර ඇත. නව රාජ්‍යයේ නායක ලෙස හඳුන්වනු ලබන මීර් යාර් තමන් තවදුරටත් පාකිස්තාන පළාතක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසත්, කලාපයේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නා ලෙසත් ඉන්දියාවෙන් සහ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
තමන්ගේම පාලන ප්‍රදේශයක්, ජාතික කොඩියක්, ජාතික ගීයක්, භාෂාවක්, ක්වෙට්ටා නමැති අගනගරයක් පවා ඇති පාකිස්තානය තුළ අඩුම ජනගහණයකට හිමිකම් කී මේ කලාපය දශක ගණනාවක් පුරා මානව හිමිකම් කඩ කිරීමට ලක් වූ ප්‍රචණ්ඩත්වය රජැයූ කලාපයකි. බාලොකිස්තාන විමුක්ති හමුදාව නමැති කල්ලියක් කාලයක සිට පාකිස්තානයට එරෙහි අරගලයක යෙදී සිටී.
මේ කලාපය ඉරාණයට සහ ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටා ඇති, ලෝහ සහ ඛණිජ තෙල් සරු කලාපයකි.