2025 මැයි 17 වන සෙනසුරාදා

රුසියා-යුක්රේන සටන් විරාමයට තිත!

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

රුසියාව සහ යුක්රේනය අතර මුල්ම සාම සාකච්ඡාව ඉස්තාන්බුල් හි පැවැත්වීම සඳහා සියල්ල සැලසුම් කර තිබුණි. මේ අතර පුටින් සහ ට්‍රම්ප් මෙම පළමු ඍජු සාම සාකච්ඡාවලට සහභාගි නොවන බව සඳහන් කළ අතර, ඒ වෙනුවට ක්‍රෙම්ලිනය පළපුරුදු තාක්ෂණවේදීන් කණ්ඩායමක් යවා තිබුණි. තුර්කිය බලා යන ගමනේදී මේ බව ආරංචි වූ සෙලෙන්ස්කි, පුටින් පැමිණ සිටින්නේ නම් පමණක් තමන් සාකච්ඡාවලට සහභාගි වන බව පැවසීය.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගි වීමට සිටි මේ සාකච්ඡා බ්‍රහස්පතින්දා මොස්කව් සහ කියෙව් අතර වසර තුනකින් පසු පැවැත්වෙන්නකි. ඉකුත් ඉරිදා පුටින් “කිසිදු පූර්ව කොන්දේසි නොමැතිව”‍ බ්‍රහස්පතින්දා ඉස්තාන්බුල් හිදී යුක්රේනය සමඟ ඍජු සාකච්ඡා සඳහා යෝජනා කළේය. බදාදා අග භාගයේදී, ක්‍රෙම්ලිනය පැවසුවේ නියෝජිත පිරිසට ජනාධිපති උපදේශක ව්ලැඩිමීර් මෙඩින්ස්කි සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෆොමින් ඇතුළත් වන බවයි. ඒ අනුව නමුත් පුටින්ගේ නම ලැයිස්තුවේ නොතිබුණි. පුටින් කිසිවිටෙකත් පෞද්ගලිකව සහභාගි වන බව තහවුරු කර නොතිබුණද, රුසියානු සහ එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ නොපැමිණීම රුසියාව 2022 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ යුද්ධය නැවතීම සඳහා වූ අපේක්ෂාව පහළ දමා ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවූ විශාලතම ගොඩබිම් යුද්ධය නැවැත්වීම සඳහා දෙපාර්ශ්වය දින 30 ක සටන් විරාමයක් සඳහා යොමු කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වූ අතර, රුසියානු නීති සම්පාදකයකු බදාදා පැවසුවේ ප්‍රධාන පෙළේ යුද සිරකරුවකු හුවමාරු කර ගැනීම පිළිබඳ සාකච්ඡා ද පැවැත්වීමට නියමිතව ඇති බවයි.

සෙලෙන්ස්කි වහාම දින 30 ක සටන් විරාමයකට සහාය දැක්වීය. නමුත් එවැනි සටන් විරාමයක් කෙබඳු විය යුතු ද යන්න ගැන විස්තර පළමුව සාකච්ඡා කිරීමට තමාට අවශ්‍ය බව පුටින් පවසා තිබුණි. මේ අනුව සා ප්‍රයත්නය නැවත වතාවක් වැළකී යන වාතාවරණයක් මතුව තිබුණි. යුක්රේනය සහ රුසියාව අතර ඍජු සාකච්ඡා අවසන් වරට පැවැත්වුණේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල් හිදීය. ඒ පුටින් යුක්රේනයට දස දහස් ගණනක් හමුදා යැවීමෙන් මාසයකට පසුවය.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00