2025 මැයි 17 වන සෙනසුරාදා

ඉන්දියාවේ මුල්ම බෞද්ධ අගවිනිසුරු!

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

බෞද්ධයකු වන භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස පත්ව සිටී. ඒ අනුව බෞද්ධයකු මෙලෙස ඉන්දියාවේ අගවිනිසුරු ධූරයට පත්වූයේ මුල් වතාවටය.

දැනට 64 වැනි වියෙහි පසුවන ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුවූ මෙම පත්වීමත් සමඟ දලිත් කුලයේ අයකු අගවිනිසුරු පදවි ලත් දෙවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත. මුල් තැනැත්තා 2007 දී පත් වූ කේ.ජී. බාලක්‍රිෂ්ණන් විනිසුරුවරයාය.
රාෂ්ට්‍රපති භවන් හි චාම් උත්සවයකදී ඉන්දීය ජනාධිපතිනිය ඉදිරියේ ගවයි මහතා දිවුරුම් දුන්නේ එරට 52 වැනි අගවිනිසුරු ලෙසය.

බී.ආර්. ගවයි 1960 මහාරාෂ්ට්‍රයේ අම්රාවතී හි උපත ලද අතර 1985 දී සිය නීති ජීවිතය ඇරඹීය. රටේ තීරණාත්මක නෛතික කටයුතු රැසකදී තීරකයකු ලෙස කටයුතු කර ඇති ඔහු තවත් මාස 7 කින් විශ්‍රාම ගන්නට නියමිතය.