2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

බැට්මෑන් සමුගනියි!

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

බැට්මෑන්ට පණ දුන් සුපිරි හොලිවුඩ් තරුව වැල් කිල්මර් අඟහරුවාදා ලොස් ඇන්ජලීස් හිදී නියුමෝනියාවෙන් මිය ගිය බව ඔහුගේ දියණිය මර්සිඩීස් මාධ්‍යයට පවසා ඇත. ඇගේ පියාට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගත් නමුත් පසුව සුවය ලැබූ බව ඇය පැවසුවාය.

උගුරේ සිදු කළ ට්‍රැකියෝටමි සැත්කම ඔහුගේ කටහඬට බලපෑ අතර ඔහුගේ රංගන ජීවිතය සීමා කළේය. නමුත් ඔහු 2022 දී ටොප් ගන්: මැවරික් හි ටොම් කෲස් සමඟ ප්‍රහාරක නියමු අයිස්මන් ලෙස ඔහුගේ විශිෂ්ට රංගන භූමිකාවකට පණ දෙමින් රිදී තිරයට නැවත පැමිණියේය.

කිල්මර්ගේ සුප්‍රකට අනෙකුත් චිත්‍රපට අතරට 1991 දී තිරගත වූ ‘ද ඩෝර්ස්’ හි එම ජනප්‍රිය සංගීත කණ්ඩායමේ ප්‍රමුඛයා වන ජිම් මොරිසන් ලෙස කළ රඟපෑම මෙන්ම වෙස්ටර්න් ටූම්බ්ස්ටෝන් සහ අපරාධ කතාවක් වන “හීට්” ඇතුළත් විය. දීර්ඝ සෞඛ්‍ය සටනකින් පසු, මේ ජනප්‍රිය නළුවා මිය ගියේ වයස අවුරුදු 65 දීය.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00