ට්‍රම්ප්ගේ තීරුබදු යුද ප්‍රකාශයෙන් පසු ගෝලීය ආර්ථිකය වටා පැන නැගී ඇති අවිනිශ්චිතතාවය මධ්‍යයේ, රන් මිල වාර්තාගත ඉහළම අගයන් කරා ළඟා වෙමින් පවතී. ඉකුත් බදාදා දහවල් වන විට, රන් අවුන්සයක මිල ඩොලර් 3,118 (£2,392) දක්වා ඉහළ ගිය අතර එය 0.3% ක ඉහළ යාමකි. මෙම මස මුලදී, රන් අවුන්සයක මිල පළමු වරට ඩොලර් 3,000 දක්වා ළඟා විය.
ගෝලීය වෙළෙඳාමට තීරණාත්මක අවදානමක් ගෙන එමින්, අප්‍රේල් 5 වැනි දින සිට එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා විශ්වීය 10% තීරුබදු ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි. එක්සත් ජනපද වෙළෙඳ හිඟය මත පදනම්ව ඇතැම් රටවලට දැඩි තීරුබදු පැනවෙනු ඇත. එය 50% ක් තරම් ඉහළ අගයක් ගනියි. මේවා අප්‍රේල් 9 වැනි දින සිට ආරම්භ වනු ඇත. විදේශීය නිෂ්පාදිත සියලුම වාහන සඳහා 25% ක තීරු බද්දක් දේශීය වේලාවෙන් එදින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බවද ට්‍රම්ප් නිවේදනය කළේය.
ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ පැවැත්වූ සිය බදු කතාවේදී ට්‍රම්ප් එම දිනය “විමුක්ති දිනය” ලෙස හඳුන්වනු ලැබූ අතර එය ඇමෙරිකාවට “ස්වර්ණමය යුගයක්” ආරම්භ කරන දිනය බවද පැවසීය.
සමහර ලෝක නායකයන් උත්සන්න වන වෙළෙඳ යුද්ධයක් පිළිබඳ කනස්සල්ල පළ කරමින් මෙම බදු නැංවීමට කලකිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.
නමුත් රන් මිල ඉහළ යාමට මෙම වෙළෙඳපොළ අවිනිශ්චිතතාවය පමණක් නොව, මැදපෙරදිග හා යුරෝපයේ ඇතිවූ කැළඹිලි ද බලපා තිබුණි.