ඇමෙරිකාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පවතින Green Card වීසා වැඩසටහන වෙනුවට Gold Card නමින් වීසා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇත. විදේශීය ආයෝජකයන් සහ ධනවත් සංක්‍රමණිකයන් ඉලක්ක කරමින් ට්‍රම්ප් සැලසුම් කර ඇති එම වීසා වැඩසටහන EB-5 ලෙස හඳුන්වා දී ඇති අතර, එරට පුරවැසිභාවය ලබාගැනීමේ පහසුම මාර්ගය ලෙස දැනට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබේ.
මෙයට අනුව ඩොලර් මිලියන 5ක මුදලකට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 148කට) එරට ස්ථීර නේවාසිකයන් බවට පත්වීමේ හැකියාව ලැබේ.