මේ දක්වා සිදුකර ඇති වඩාත්ම පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයට අනුව, දේශගුණික විපර්යාසවල බලපෑම යටතේ ලෝකයේ ග්ලැසියර කිසිදා වාර්තා නොවූ තරම් වේගයෙන් දිය වෙමින් පවතින බව වාර්තා වී තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ විශිෂ්ට දර්ශක වන්නේ ග්ලැසියරය. ස්ථාවර දේශගුණයක් තුළ, ඒවා ආසන්න වශයෙන් එකම ප්‍රමාණයෙන් පවතින අතර, හිම පතනය හරහා අයිස් ප්‍රමාණය දියවීමෙන් අහිමිවන තරමටම නැවත ලබා ගනී. නමුත් පසුගිය වසර 20 තුළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ප්‍රධාන වශයෙන් පොසිල ඉන්ධන දහනය කිරීම හේතුවෙන් ග්ලැසියර සෑම තැනකම බොහෝ දුරට හැකිලෙමින් පවතී.
කඳු ග්ලැසියර සහ අයිස්වලින් වැසී ගිය ගංගා, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මිරිදිය සම්පතක් ලෙස ක්‍රියා කරන අතර ඒවා සම්පූර්ණයෙන්ම දිය වුවහොත් ගෝලීය මුහුදු මට්ටම සෙන්ටිමීටර 32 (අඟල් 13) කින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් ජලය රඳවාගෙන තිබේ. මේ සියවස ආරම්භයෙන් පසු, ඒවායේ ඝන වී තිබූ අයිස් ටොන් බිලියන 6,500 කට වඩා, නැතහොත් 5% ක් අහිමි වී ඇති බව වාර්තාගතය. දැන් මෙම දියවීමේ වේගය වැඩි වෙමින් පවතී. පසුගිය දශකය තුළ ග්ලැසියර දියවීම 2000 - 2011 කාලයට වඩා තුනෙන් එකකට වඩා වැඩි බව අලුත් වාර්තා කියයි. 2000 සහ 2023 අතර, ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන අයිස් තට්ටුවලින් පිටත ග්ලැසියර සාමාන්‍යයෙන් වසරකට අයිස් ටොන් බිලියන 270 ක් පමණ අහිමි වී ඇත.
නිදසුනක් ලෙස කිලෝමීටර 20 කට වඩා දිගින් යුත් ඇලෙට්ෂ් යුරෝපීය ඇල්ප්ස් කඳුකරයේ විශාලතම ග්ලැසියරය වේ. නමුත් එහි ඉදිරිපස කොටස වසර 1900 සිට නව සියවස දක්වා කිලෝමීටර 3.2ක් (සැතපුම් 2ක්) පමණක් දියව ගොස් ඇති අතර, 2000 සිට මෑතක් වනතුරු ඉතා කෙටි කාලයකදී කිලෝමීටර 1කට වඩා වැඩි ප්‍රමාණයක් ශීඝ්‍රව දිය වී ගොස් ඇත.
ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් 35 ක කලාපීය ඇස්තමේන්තු 230 කට වඩා ඒකාබද්ධ කරමින් මෙම නව අධ්‍යයනය සිදු කරන ලද අතර, ග්ලැසියර දියවන වේගය සහ අනාගතයේදී ඒවා පරිණාමය වන ආකාරය පිළිබඳව විද්‍යාඥයන් තුළ වැඩි අවබෝධයක් ඇති කරන්නට හැකිව ඇත.