2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

පාප්තුමන් රෝගී වෙයි!

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව ප්‍රකාශ කර ඇත.

බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය මත පසුගියදා රෝහල්ගත කළ 88 හැවිරිදි පාප් වහන්සේගේ පෙනහලු දෙකටම නිව්මෝනියාව පැතිරී ඇතැයි එම නිවේදනයේ සඳහන්ය. පාප් වහන්සේට තවදුරටත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත්, අතිරේක ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇති බවත් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 21 වියෙහි පසුවෙද්දී ආසාදන තත්ත්වයක් හේතුවෙන් එක පෙනහැල්ලක කොටසක් ඉවත් කර ඇති බැවින් වරින් වර පෙනහලු‍ ආසාදිත රෝගවලට ගොදුරු වූ බවත්, මහලු‍ වියට එළැඹීමෙන් පසු එම තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. පළමුවැනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධ වූ සභාවේ නායකයාණන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ.

මෙතුමාණන් වතිකානයේ රාජ්‍ය නායකයාණන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී මෙතුමාණන් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ලෙස 1936 දෙසැම්බර් 17 වැනි දින ලොවට බිහිවිය. 1969 දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 2013 පෙබරවාරි 28 දින 16 වැනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල්තුමාව තෝරා ගන්නා ලදී.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00