2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

කෙනඩි ඝාතනයේ රහස් ලේඛන 2400ක් එළියට!

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ සුලමුල නැවත පරීක්ෂා කරන එරට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මෙතෙක් අනාවරණය නොවූ 2400කට අධික ලිපිලේඛන තොගයක් සොයාගෙන ඇත. කෙනඩි ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් නව වාර්තා තොගයට ඇතුළත් බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව යළි මෙම පරීක්ෂණ අරඹා ඇත. ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතනයක් ලෙස සැලකෙන කෙනඩි ඝාතනයට අදාළව රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ ජනපති ධුරයේ දිවුරුම් දීමේ උණුසුම මැකී යෑමටත් පෙරය.

කෙනඩි ඝාතනයට අමතරව සුප්‍රකට කළු ජාතිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං සහ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ ඝාතන පිළිබඳවද මහජනතාවට දැනගැනීමට අවස්ථාව ලැබිය යුතු බවට අවධාරණය කරමින් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබිණි.

ඔහු එම නියෝගය නිකුත් කර ඇත්තේ මීට වසර 60කට පෙර සිදුවූ එම ඝාතන පිළිබඳ මහජනතාවට දැනගැනීමට අවස්ථාව ලැබිය යුතු බවට අවධාරණය කරමිනි.

60 දශකයේ මුල් භාගයේදී ඇමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් එෆ් කෙනඩි 1963 වසරේ නොවැම්බර් මස 22 වැනිදා ඩලස් නුවර වීදි පෙළපාලියකට සහභාගි වෙමින් සිටියදී ස්නයිපර් තුවක්කුකරුවකු අතින් ඝාතනයට ලක්වූ අතර, සැකකාර පුද්ගලයා ද විමර්ශන කටයුතු අතරතුර ඝාතනයට ලක්වීමෙන් කෙනඩි ඝාතන නඩුව වසා දැමීමට පියවර ගෙන තිබිණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00