2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

2024 මාධ්‍යවේදීන්ට මාරකම වසරක්!

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

පසුගිය වසරේ ලොව පුරා වාර්තාගත මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව CJP ප්‍රකාශ කළ අතර, ඒ මරණවලින් 70% කට ආසන්න ප්‍රමාණයකට ඊශ්‍රායලය වගකිව යුතු බව පැවසීය.

2024 දී රටවල් 18 ක අවම වශයෙන් මාධ්‍යවේදීන් 124 දෙනකු මිය ගිය අතර, දශක තුනකට පෙර කමිටුව සංඛ්‍යා වාර්තා කිරීම ආරම්භ කළ දා සිට පෙනී යන ආකාරයට වාර්තාකරුවන්ට සහ මාධ්‍ය සේවකයන්ට මාරාන්තිකම වසර මෙය බව CPJ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.