ලොව විශාලතම මානව එක්රැස්වීම ලෙස සැලකෙන හින්දු කුම්භමේලා උත්සවයේ ඉකුත් බදාදා පැය හතරක කාලයක් තුළ උතුරු ඉන්දියාවේ ශුද්ධ ජලයේ ගිලී මිලියන 10 කට අධික භක්තිමත් හින්දු භක්තිකයන් ස්නානය කළ බව බලධාරීහු පැවසූහ. තවත් මිලියන ගණනක් පිළිගැනීමට ඔවුහු සූදානම් වී සිටියහ.
බදාදා දින යෙදෙන පුර පසළොස්වක පොහොය, "මාඝ පූර්ණිමා" ලෙස හඳුන්වනු ලබන අතර, එය ඉන්දියාවේ ශුද්ධ වූ ගංගා තුන එක්වන ස්ථානයේ සති හයක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ ශුද්ධතම දිනයක් ලෙස සැලකේ. මෙවර උත්සවය විශේෂ වූයේ පාකිස්තාන ජාතිකයන් 67ක්ද ඇතුළුව විවිධ රටවලින් විශාල පිරිසක්ද මෙයට සහභාගි වී සිටියහ.
ඉකුත් ජනවාරි 29 වැනි දින “රාජකීය ස්නානය” සඳහා ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ සිට ඇමැතිවරුන්, චිත්‍රපට තරු සහ ධනවතුන් දක්වා කීර්තිමත් පුද්ගලයන්ගේ ප්‍රවාහයක් ඇතුළුව මිලියන 76 කට අධික පිරිසක් ගඟට රොක් වී සිටියහ. ශුද්ධ වූ දිනයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයග්‍රාජ් නගරයේ බලධාරීන් පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කර ගුවන් ගිලන් රථ පවා සූදානම් කර තිබුණි.