විද්‍යාඥයන් පිරිසක් විසින් ගිනිකොනදිග චීනයෙන් වසර මිලියන 150 කට පමණ පෙර ජුරාසික් යුගයේ ජීවත් වූ සහ පුදුම සහගත ලෙස නවීන ලක්ෂණ ඇති වටුවකුගේ ප්‍රමාණයේ කුරුල්ලකුගේ පොසිලයක් සොයාගෙන ඇත. එය කුරුලු පරිණාමයේ ඉතිහාසය නැවත ලියන අන්දමේ ආන්දෝලනාත්මක සොයා ගැනීමක් ලෙස වාර්තා වේ.
‘බැමිනෝර්නිස් ෂෙන්ගන්සිස්’ ලෙස හඳුන්වන අලුතින් හඳුනාගත් මේ කුරුල්ලා, 1861 දී ජර්මනියේදී සොයා ගන්නා ලද පැරණිතම දන්නා පක්ෂියා ලෙස වාර්තාගත වන ආකියෝප්ටෙරික්ස් සමඟ සම වයසේ පසුවෙයි. නමුත් අඟල් හයක් (සෙන්ටිමීටර 15) පමණ දිග බැමිනෝර්නිස්, ව්‍යුහ විද්‍යාත්මකව බොහෝ දියුණු වූ අතර කපුටන් ප්‍රමාණයේ ආකියෝප්ටෙරික්ස්වලට වඩා හොඳින් පියාසර කළ බව සැක කරන, අඩක් කුරුල්ලකු සහ අඩක් උරගයකු ලෙස පෙනෙන ජීවියෙකි.