2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

හෙලිකොප්ටරය ජෙට් යානයක් දෙපලු කරයි!

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

වොෂින්ටන් ඩීසී රේගන් ජාතික ගුවන් තොටුපළ ඉහළදී පුද්ගලයන් 64 දෙනකු රැගත් මගී ගුවන් යානයක් එක්සත් ජනපද හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් සමඟ ගැටීමෙන් දෙකට කැඩී ගොස් ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසයි. ගලවා ගැනීමේ මෙහෙයුමේදී අවම වශයෙන් පොටෝමැක් ගඟට වැටුණු පුද්ගලයන් හතර දෙනකු ඉවතට ගෙන ඇත. පුද්ගලයන් 18 දෙනකුගේ සිරුරු සොයාගත් බව තවත් මූලික වාර්තාවක දැක්වේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීහු කියති. පත්‍රය මුද්‍රණයට යන අවස්තාවේ වාර්තා වූයේ යානා වල ගමන්ගත් 67 දෙනාම මියගොස් ඇතැයි සැකකෙරෙන බවය. 

මගීන් 60 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු සමඟAmerican Airlines Flight 5342 යානය කැන්සාස් හි Wichita සිට පිටත්ව ගොස් ඇති බව ගුවන් සමාගම පවසයි. හෙලිකොප්ටරයේ සෙබළුන් තිදෙනකු සිටි අතර එය පුහුණු ගුවන් ගමනක් බව නිලධාරීහු පවසති. Bombardier CRJ700 ජෙට් යානය ධාවන පථය 33 වෙත ළඟා වෙමින් සිටියදී Sikorsky H-60 Black Hawk හෙලිකොප්ටරයක ගැටී ඇති බව අධිකාරිය කියයි.

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00