2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

කුම්භමේලාවේ දුසිම් ගණනක් තෙරපී මිය යයි

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

ඉන්දියාවේ කුම්භමේලා ආගමික උත්සවයේදී පසුගියදා ඇතිවූ තෙරපීම්වලින් දුසිම් ගණනක් මියගිය බවට වාර්තා වේ. ලොව විශාලතම ආගමික උත්සවවලින් එකක් වන කුම්භමේලාවේ ස්නානය කිරීමේ දිනයට මිලියන 100 ක් පමණ ජනතාවක් සහභාගී වී ඇතැයි නිලධාරීහු පවසති.

හින්දු උත්සවයේ වඩාත් සුබ දිනයක් වූ ඉකුත් බදාදා ගංගා සහ යමුනා ගංගාවන් එක්වන පූජනීය ස්ථානයට මිලියන සංඛ්‍යාත ජනතාවක් එක්රැස් වීමත් සමඟ එදින අලු‍යම මෙම අනතුර සිදුව ඇත.

බැතිමතුන්ගෙන් ලද වාර්තාවලට අනුව, විශාල පිරිසක් ස්නානය කිරීමට ගඟට බැසීමෙන් සහ අනෙක් අය තදබදයෙන් පිරුණු ගං ඉවුර වටා බිම නිදා සිටියදී මෙම තෙරපීම්වලින් දරුණුතම එක සිදුව ඇත. සෙනඟ විවිධ දිශාවලින් ඇදී එද්දී, තවත් මිනිසුන් ඔවුන් තල්ලු‍ කරගෙන පිටතට යාමට උත්සාහ ගැනීමේදී බොහෝ දෙනකු බිම වැටී ඇත. බාධක තල්ලු‍ කරමින් ගිය පිරිස එකිනෙකා පාගා දමා ඇත. උත්සවයට ඇතුළුවන එක් දොරටුවක් වටා තවත් තෙරපීමක් ඇතිවූ බව වාර්තා විය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00