ලොව වේගවත්ම ගුවන් යානය ලෙස හැඳින්විය හැකි ශබ්ද බාධකය බිඳ දැමීමට සමත් නව යානයක් ඇමෙරිකානු සමාගමක් වන බූම් ආයතනය මගින්, කැලිෆෝනියාවේ මොජාවේ හි පරීක්ෂණ පියාසැරියක යෙදවිණි. ඒ අනුව 2003 දී විශ්‍රාම ගිය බ්‍රිතාන්‍ය - ප්‍රංශ කොන්කෝඩ් සුපර්සොනික් ගුවන් යානයෙන් පසු මෙම ජයග්‍රහණය අත් කරගත් පළමු සිවිල් ගුවන් යානය මෙම බූම් සුපර්සොනික් හි XB-1 යානයයි.
බූම් හි ප්‍රධාන පරීක්ෂණ නියමු ට්‍රිස්ටන් “ගෙපෙටෝ” බ්‍රැන්ඩන්බර්ග් විසින් පදවන ලද යානය, අඩි 35,000 ක් පමණ ඉහළ ගොස් පරීක්ෂණ පියාසැරිය තුළ මිනිත්තු 12 ක් පමණ ගතවූ පසු, මැක් 1.122 (සැබෑ ගුවන් වේගය නොට් 652 ක් හෝ පැයට සැතපුම් 750) දක්වා වන වේගයකට ළඟා විය. මෙය ශබ්දයේ වේගයට වඩා 10% ක් පමණ ඉහළ වේගයකි. මෙම වාර්තාගත පියාසැරියට පෙර ජනවාරි 10 වැනි දින එහි අවසන් පරීක්ෂණ පියාසැරියේදී XB-1 ළඟා වූ ඉහළම වේගය වූයේ Mach 0.95 වන අතර එය Mach 1 සුපර්සොනික් සීමාවට මඳක් පහළින් විය.
එසේම මෙවර XB-1 යානය ගුවන්ගත වූයේ, 1947 දී ප්‍රථම වරට ජනප්‍රිය ගුවන් නියමුවකු වූ චක් යේගර් ශබ්ද බාධකය බිඳ දැමූ ඓතිහාසික ගුවන් අවකාශයේම වීම විශේෂත්වයකි.