මනුෂ්‍යත්වය විනාශයට කෙතරම් ආසන්නව සිටීද යන්න සංකේතවත් කරන ‘ලෝක විනාශ දින ඔරලෝසුව’ තත්පර 89 ක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඒ අනුව එය මධ්‍යම රාත්‍රියට හෙවත් ලෝක විනාශයට වඩාත් ආසන්නතම අනතුරු ඇගවීම් මට්ටමකට ළඟා වී ඇත.
වාර්ෂිකව මෙම ඔරලෝසුව සකසන The Bulletin of the Atomic Scientists (BAS) කණ්ඩායමට අනුව - න්‍යෂ්ටික තර්ජන, ජීව විද්‍යාවේ සහ කෘත්‍රිම බුද්ධියේ දියුණුව අනිසි ලෙස භාවිත කිරීම මෙන්ම දේශගුණික විපර්යාස මේ අනතුරුදායක වෙනසට ප්‍රධාන සාධක වූ බව පෙන්වා දෙයි.
Bulletin හි විද්‍යා හා ආරක්ෂක මණ්ඩලයේ සභාපති ඩැනියෙල් හෝල්ස් පැවසුවේ මේ නවතම පියවර “සියලු ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්” බවයි. 1947 දී ඔරලෝසුව මුලින් මිනිත්තු හතක් මධ්‍යම රාත්‍රිය ආසන්නව තබා තිබුණි. පසුගිය වසරේ එය තත්පර 90 ට නොවෙනස්ව තබා තිබුණි.