ඉල්ලා අස්වන සියලුම ෆෙඩරල් සේවකයන්ට ධවල මන්දිරය මාස අටක වැටුපක් ලබා දීමට යන බව වාර්තා වේ. එරට පුද්ගල කළමනාකරණ කාර්යාලයෙන් ලැබුණු සංදේශයකට අනුව, නව රජයේ වැඩපිළිවෙළට අකැමැති සියලුම ෆෙඩරල් සේවකයන්ට ලබන සතිය වන විට පෞද්ගලිකව සේවයට පැමිණීමට හෝ ඉල්ලා අස්වීමට හැකියාව ඇත. ලබන සතිය වන විට රැකියාවලින් ඉවත්වීමට තෝරාගන්නා සියලුම ෆෙඩරල් සේවකයන්ට ඉහත මිල ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
මෙය එක්සත් ජනපද රාජ්‍ය සේවය වේගයෙන් හැකිලීමට ගත් පෙර නොවූ විරූ පියවරකි. පෙබරවාරි 6 වැනි දිනට පෙර මිලියන ගණනක් වන සේවකයන්ට සිය මිල තෝරා ගැනීම සම්බන්ධ මේ තීන්දුව දැනුම්දීම සඳහා කාලය ලබා දී ඇත. ට්‍රම්ප් පරිපාලනය අපේක්ෂා කරන්නේ සේවකයන්ගෙන් 10% ක් දක්වා හෝ ෆෙඩරල් රජය සේවයේ යොදවා ඇති මිලියන දෙකකට අධික සේවකයන්ගෙන් 200,000 ක් පමණ හෝ මෙම දීමනාව පිළිගනු ඇති බවයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ෆෙඩරල් රජය මිලියන 3 කට අධික පිරිසක් සේවයේ යොදවා ඇති අතර එය රටේ සමස්ත සිවිල් ශ්‍රම බලකායෙන් 1.9% කට ආසන්න ප්‍රමාණයක් බව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. ෆෙඩරල් සේවකයකුගේ සාමාන්‍ය සේවා කාලය අවුරුදු 12 කට ආසන්නය.