බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගමැතිනි කලීඩා ෂියා 2008 දූෂණ නඩුවෙන් නිදොස් කොට නිදහස් කළේය. ඒ මගින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට හිටපු නායිකාවට මග පෑදී තිබේ.
2008 සිට පැවත එන මෙම නඩුවේදී, 2001 සිට 2006 දක්වා කාලය තුළ ඇය අවසන් වරට අගමැතිනියව සිටියදී පිහිටුවන ලද අනාථ නිවාස භාරයක් සඳහා විදේශීය පරිත්‍යාග වශයෙන් ටකා මිලියන 21 ක් (ඩොලර් 173,000 ක්) සොරකම් කළ බවට කලීඩා සහ අනෙකුත් අයට චෝදනා එල්ල වී තිබුණි. ඒ වන විට බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ කලීඩාගේ ප්‍රතිවාදියා වූ ෂෙයික් හසීනා විසිනි. ඇය ඉකුත් අගෝස්තු මාසයේදී අගමැති ධුරයෙන් පහ කරන ලදී. මහජන විරෝධතා හේතුවෙන් ඇයට ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා යාමට සිදුවිය.
අගවිනිසුරු සයිඩ් රෙෆාත් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්, 2018 දී මහාධිකරණය විසින් නියම කරන ලද සිරදඬුවම් අවලංගු කරමින්, කලීඩා, ඇගේ පුත් තාරික් රහ්මාන් සහ තවත් අය නිදොස් කොට නිදහස් කළේය. මෙම තීන්දුව, රටේ දේශපාලනය ආධිපත්‍යය දැරූ ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකක් වන කලීඩා සහ ඇගේ පවුලට ලැබුණු නවතම අධිකරණ ජයග්‍රහණයකි.