ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස නම්කළ හැකි ජිමී කාටර් වයස අවුරුදු 100 ක්ව තිබියදී පසුගියදා (29) අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි. ඇමෙරිකාවේ ජොර්ජියා ප්‍රාන්තයේ “ප්ලේන්ස්” ග්‍රාමයේ ප්ලේන්ස් හි තැනිතලා පුරා රතු රටකජු වගා කළ, ජේම්ස් අර්ල් කාටර් 1977 වසරේදී ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ලෙස පත්විය. 1924 ඔක්තෝබර් මස 01වැනිදා උපත ලැබූ ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ ලෝක සාමය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ නායකයෙකි.
කුඩා කල සිටම දීප්තිමත් ශිෂ්‍යයකු වූ කාටර් පාසල් අධ්‍යාපනයෙන් පසුව මේරිලන්ඩ්හි මොනොපොලිස් නාවික විද්‍යායතනයට එක්වූ අතර පසුව ඇමෙරිකානු නාවික හමුදාව හා එක්විය. හවායි හා පර්ල් වරාය ආදී ප්‍රදේශයන්හි ක්‍රියාන්විතවල යෙදුණු නාවික හමුදා නිලධාරී ජිමි කාටර් වරෙක සබ්මැරීන ක්‍රියාන්විතවලද නිරත විය. පසුව සිය පියාගේ රටකජු වගාවට ද සම්බන්ධ විය. 1963 දී ජොර්ජියාවේ 76 වැනි ආණ්ඩුකාර තනතුර දිනාගත් ඔහු වෝටර්ගේට් සිද්ධිය හේතුවෙන් චෝදනා ලද, ජනාධිපති රිචඩ් නික්සන්ගෙන් පසු, උප ජනපති ජෙරල්ඩ් ෆෝර්ඩ් ජනපති ධුරයට පැමිණි 1976 වකවානුවේ ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනට එක්විය. වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු හිටපු ජනපතිවරයා මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා කාටර් මධ්‍යස්ථානය පිහිටුවීය. ඒ අන්දමට ජීවිතයේ අවසාන කාලයේ පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියද ඔහු සමාජ සේවාවල නිරත වෙමින් ලෝකය යහපත් තැනක් කිරීම උදෙසා කැපව සිටියේය.