ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලෝන් මස්ක්, සිය X ගිණුමේ නම වෙනස් කිරීම ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. එලොන් මස්ක් විසින් ‘කෙකියුස් මැක්සිමස්’ යන නම සිය X ගිණුමේ පැතිකඩ පිටුවට යොදා තිබුණි. මෙය ඔහුගේ X අනුගාමිකයන් මිලියන 210 ක් අන්දමන්ද කිරීමට ද සමත් විය.
මස්ක්, පැරණි රෝම ඇඳුමින් සැරසී වීඩියෝ ක්‍රීඩා සඳහා උපයෝගි කරගන්නා ජෝයී-ස්ටික් එකක් අතැතිව සිටින ජනප්‍රිය කාටූන් චරිතයක් වනිපෙපේ ද ෆ්‍රොග්ගේ පින්තූරයක් ද සිය පැතිකඩ පිටුවට ආදේශ කර තිබුණි. ඔහුගේ මෙම පියවර ක්ෂණික බලපෑමක් ඇති කළේ අන්තර්ජාල මුදල් ඒකකවලය. මෙම වෙනස ගුප්ත ව්‍යවහාර ඩිජිටල් මුදල් වර්ග හෙවත් ‘ක්‍රිප්ටෝකරන්සි’ සහිත ලෝකය කම්පනයට පත් කරමින් $KEKIUS සංකේතය භාවිත වන මීම් කාසිය- memecoin, වෙත ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ ක්ෂණික ප්‍රවණතාවක් මතු කර එහි 21,660% ක වර්ධනයක් ඇති කිරීමටද සමත් විය. ඒ උමතුව මැද Ethereum ගෑස් ගාස්තු ඉහළ ගොස් තිබුණි. කෙකියස් යනු පුරාණ ඊජිප්තුවේ අන්ධකාරයේ දෙවියාගේ නම බවත්, එය ඇතැම් විට ගෙම්බකුගේ හිසෙන් නිරූපණය කෙරෙන බවත් සඳහන් වේ. මැක්සිමස් යනු, ග්ලැඩියේටර් චිත්‍රපටයේ රසල් ක්‍රෝගේ වීර චරිතය වන මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස්ගේ නමට සම්බන්ධ වචනයක් වේ. ට්‍රම්ප් මේ නම් දෙක ගුප්තාකාරයට ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයට යොදාගෙන තිබුණි.