2025 ජනවාරි 04 වන සෙනසුරාදා

2025 වසරේදී බිලියන 8ක ජීවන පෙරළිය!

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ලැබුවා වූ 2025 වසර තුළ දී ලෝක ජනගහනය බිලියන 8 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්‌යේෂණ ආයතනයට අනුව, කෘෂිකාර්මික හා සමාජ සුබසාධනය සඳහා වත්මන් ආයෝජන මට්ටම් දිගටම පැවතුණහොත්, ආහාර සඳහා වන ධාන්‍ය නිෂ්පාදනය ඉදිරි දශක 2 තුළ වසරකට 1.5% කින් සහ පශු සම්පත් නිෂ්පාදනය 2.7% කින් ඉහළ යනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආනයනවල විශාල වැඩිවීමක් නොමැති නම් ඒ රටවල ජනගහනය සැපයුම ඉක්මවා යා හැකිය. මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ වනාන්තර ආවරණය අඛණ්ඩව විනාශ වීම තවත් විනාශකාරී බලපෑමක් වනු ඇත. 2025 වන විට බිලියන 3 ක ජනතාවක් අඩු භූමි ප්‍රමාණයක් ඇති රටවලට ගොනුව ජීවත් වනු ඇති අතර තවත් බිලියන 2 ක් වායු දූෂණය ඉහළ මට්ටමක පවතින නාගරික ප්‍රදේශවල ජීවත් වනු ඇත.

එක් අවසාන අභියෝගයක් වන්නේ පෙර නොවූ විරූ ආකාරයට ජීවින්ගේ වාසස්ථාන අහිමිවීම සහ විශේෂ වඳ වී යාමයි. පරිසර පද්ධති විනාශය කෙතරම් දරුණු වන්නේද යත් 2025 වසර අවසාන වන විට ශාක විශේෂ 60,000 ක් පමණ විනාශ විය හැකි බව කියයි.

සාම ගිවිසුමකට වඩා දෙරටේම පිරිහෙන මූල්‍ය තත්ත්වයන් සහ සම්පත් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රිකත්වයට වඩා අවශ්‍යතාවය මත පදනම්ව රුසියාව සහ යුක්රේනය අතර පවතින සටන සටන් විරාමයක් කරා මේ වසරේ ළඟා විය හැකි බවට මත පළව ඇති අතර එසේ වුවහොත් ලෝක දේශපාලනයේ වත්මන් තත්ත්වය විශාල ලෙස වෙනස් වනු ඇති බවට පුරෝකථන පළව තිබේ.