2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

කසකස්ථාන අනතුරට හේතුව: කුරුල්ලන්ද? රුසියා ප්‍රහාරයක්ද?

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

පුද්ගලයන් 67 දෙනකු රැගත් අසර්බයිජානියානු ගුවන් යානයක් බදාදා කසකස්ථානයේ අක්ටාවු නගරය ආසන්නයේදී කඩා වැටීමෙන් එහි ගමන්ගත් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂකයන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික තොරතුරු අනුව යානයට කුරුල්ලන් ගැටීමෙන් පසු ගුවන් නියමුවා හදිසි ගොඩබෑමක් කිරීමට තීරණය කළා විය හැකි බවය. පුළුල් ගලවා ගැනීමේ මෙහෙයුමකදී ළමයින් දෙදෙනකු ඇතුළු දිවි ගලවාගත් 29 දෙනකු සුන්බුන්වලින් ගොඩගත් බව කසකස්ථානයේ නියෝජ්‍ය අගමැති Kanat Bozumbayev පැවසුවේය. 11 දෙනකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා විය.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් J2-8243 ගුවන් යානය අසර්බයිජානයේ බකු අගනුවර සිට රුසියානු නගරයක් වන ග්‍රොස්නි වෙත යමින් සිට ඇත. එය කැස්පියන් මුහුදු වෙරළ අසල ඩැගෙස්ථාන් ජනරජයට ඉහළින් පියාසර කරමින් සිටිය දී සැණකින් රේඩාර් මතින් අතුරුදහන්ව තිබුණි.

පසුව එය පැයකට පමණ පසු බටහිර කසකස්ථානය අසල ජලයට ඉහළින් පියාසර කරමින් තිබෙනු කඩා වැටීමට පෙර දර්ශනය විය. කඩා වැටීමෙන් පසුව ලද ගුවන් යානයේ දර්ශනවල බඳෙහි සැක කටයුතු සිදුරු දක්නට ලැබී ඇති අතර, මේ හේතුවෙන් රුසියානුවන් විසින් යානය බිම හෙළූ බවට කටකතා ද පැතිර ගියේය. අනතුරට පෙර, කාර්ය මණ්ඩලය විසින් යානා බඳ මතට සිදුවූ දැඩි ගැටුමක් වැනි බලපෑමක් ගැන ද වාර්තා කර ඇත. මුලින් ඔවුන් උපකල්පනය කළේ ගුවන් යානය කුරුල්ලන් රංචුවක ගැටී ඇති බවය. නමුත් පසුව එය වායු අවපාතයකදී නියමු කුටියට ඔක්සිජන් සැපයීම සඳහා තිබූ ටැංකියක් පුපුරා යාමක් බව වාර්තා විය. වීඩියෝවන්ගේ දැක්වෙන්නේ ගුවන් යානය පොළවෙහි ගැටී, එහි බලපෑමෙන් ගිනි ජාලාවක් නගමින් විශාල කළු දුම් වලාවක් අහසට යවන අයුරුය. කුරුල්ලන් ගැටීම නොව, රුසියානු ගුවන් ආරක්‍ෂක පද්ධති කඩා වැටීමට හේතු වන්නට ඇතැයි දැන් යෝජනා තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරු යාරොස්ලාව් ට්‍රොෆිමොව් පැවසුවේ රුසියානු මාධ්‍යවල සඳහන් අයුරු රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මෙම මගී ජෙට් යානය යුක්රේන ඩ්‍රෝන යානයක් ලෙස වරදවා වටහා ගත්තා විය හැකි බවය.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00