2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ලාබාලතම ලෝක චෙස් ශූරයාට ඉහළ පිළිගැනීමක්!

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

18 හැවිරිදි ඉන්දීය ජාතික ගුකේෂ් දොම්රාජු ලොව මෙතෙක් වාර්තාගත ලාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත් විය. ඒ චීනයේ චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් ඩිං ලිරන් පරදවමිනි.

පසුගිය සතියේ ලාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වූ ගුකේෂ් දොම්රාජු සඳුදා චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නැවත ඉන්දියාවට පැමිණෙද්දී ඔහුට ඒ රටින් උත්කර්ෂවත් පිළිගැනීමක් ලැබිණි. පසුගිය බ්‍රහස්පතින්දා සිංගප්පූරුවේ පැවැත්වූ 2024 FIDE ලෝක ශූරතාවලියේ 14 වැනි තරගයේදී චීනයේ චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් ඩිං ලිරන්ට එරෙහිව 7.5 – 6.5 ක් ලෙස ලකුණු ලබාගත් ගුකේෂ් දොම්රාජු වාර්තාගත ජයග්‍රහණයට හිමිකම් කීවේය. මීට පෙර මුලින්ම එම වාර්තාවට හිමිකම් කීවේ 1985 වසරේ සිය පළමු ලෝක ශූරතාව දිනා ගන්නා විට 22 හැවිරිදි වියේ පසු වූ චෙස් ක්‍රීඩක ගැරී කැස්පරොව් විසිනි. මේ වාර්තාව තබා ඉන්දියානු ධජයෙන් සැරසී ඔහුගේ කුසලානය අතැතිව, ගුකේෂ් නැවත සිය උපන් නගරයට පැමිණෙන විට පාසල් සිසුන් ඇතුළු සිය ගණනක් රසිකයෝ ඔහු පිළිගැනීමට රොක්ව සිටියහ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00