2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අභ්‍යවකාශ වාර්තාවක් බිඳ දැමූ ආධුනික රොකට්ටුව!

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (USC) සිසුන් කණ්ඩායමක් ආධුනික රොකට්ටුවක් අඩි 470,000ක් ඉහළ අභ්‍යවකාශයට දියත් කරමින් ජාත්‍යන්තර උන්නතාංශ වාර්තාවක් බිඳ දැමූහ.

මේ අනුව Aftershock II නමැති ඔවුන්ගේ අභ්‍යවකාශ යානය, මීට පෙර විනෝදාංශයට රොකට් යවන සිවිල් අභ්‍යවකාශ ගවේශක කණ්ඩායමක් වන CSXT විසින් තබා තිබූ වසර 20 ක් පැරණි වාර්තාවක් දැන් බිඳ දමා ඇත. 2004 දී මේ අය අඩි 380,000 ක් උසට ඔවුන්ගේ රොකට්ටුව දියත් කිරීමට සමත් වූහ.

නමුත් USC සිසුන්ගේ Aftershock II රොකට්ටුව තත්ත්පරයට අඩි 5,283 ක උපරිම වේගයක් හෝ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි Mach 5.5 හයිපර්සොනික් වේගයට ද ළඟා විය.

දැන් ඔවුන් හිතාමතාම රාත්තල් 330 ක බරකින් යුතුව තැනූ මේ සැහැල්ලු‍ රොකට්ටුව, පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට මෙතෙක් ඉහළ ගිය රාජ්‍ය හෝ පෞද්ගලික රොකට් කර්මාන්තයෙන් පිටත සිවිල් පුද්ගලයන් විසින් ඉහළම උන්නතාංශයකට දියත් කළ පළමු දියත් කිරීම ලෙස ඉතිහාසයට එක් වී ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00