මෙක්සිකානු වනාන්තරයේ සැඟවී තිබූ මායාවරුන්ට අයත් පුරාණ නගරයක් නවීන LiDAR ලේසර් තාක්ෂණය භාවිතයෙන් හෙළිදරව් වී ඇත. නගරය අසල ඇති කලපුවක් අනුව නගරය Valeriana ලෙස නම් කර ඇත.
Valeriana නගරය පිළිබඳව මෙම මාසයේ Antiquity සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියක පර්‌යේෂකයන් සඳහන් කළේ, බහු සංවෘත ප්ලාසා, පන්සල්, පිරමිඩ, බෝල පිටියක්, වේලි සහිත ජලාශයක් සහ වක්‍ර ඇම්ෆිතියේටරයක් ඇතුළු මායා දේශපාලන මධ්‍යස්ථානයක සියලුම ලක්ෂණ සහිත වුවද මෙය භූමිය මත සිට කිසිදා හෙළිදරව් කරගත නොහැකි ලෙස වන ගහණය තුළ සැඟව තිබූ බවය.
සැතපුම් 6.5 ක් පුරා විවිධ ඉදිකිරීම් ව්‍යුහයන් 6,500 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, පර්‌යේෂකයන් විශ්වාස කරන්නේ නගරය තුළ 50,000 වැසියන්ට ජීවත් විය හැකි බවයි. 1930 ගණන්වලදී නැවත සොයා ගන්නා ලද Calakmul ට පසු හමුවූ දෙවැනි විශාලතම මායා ජනාවාසය මෙය වූ බව සැලකේ.