නියැන්ඩර්තාල්වරු පෘථිවියේ ඇවිද ගිය කාලයේ අවසන් වරට දිස්වූ ඉපැරැණි වල්ගා තරුවක් මේ දිනවල අපේ අහසේ විස්මිත දසුනක් තිළිණ කර දෙයි. තවත් වසර 80,000 ක් යනතුරු මේ වල්ගා තරුව නැවත අපේ අහසේ දක්නට නොහැකි වනු ඇත. මේ නිසා අහස් නිරීක්ෂකයන්ට මෙම සිදුවීම මග හැරීමට නොහැකි මහඟු, දුලබ අනුස්මරණීය අවස්ථාවකි.
මෑතකදී සොයාගත් මෙම C/2023 A3 Tsuchinshan-ATLAS ලෙස හඳුන්වන වල්ගා තරුව, සෙනසුරාදා පෘථිවියට ආසන්නතම ප්‍රවේශය සිදු කරනු ලැබිණි. සැප්තැම්බර් 27 වැනි දින එහි කක්ෂීය මාර්ගයේ සූර්යයාට සමීපතම ස්ථානය කරා ළඟා වූ අතර සැප්තැම්බර් සහ ඔක්තෝබර් මුල දකුණු අර්ධගෝලයේ සිටින අයට එය දෘශ්‍යමාන විය. දැන්, එය අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට පැමිණෙමින් පවතින අතර, ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මුල දක්වා උතුරු අර්ධගෝලයේ සිටින අයට එය දෘශ්‍යමාන වනු ඇතැයි නාසා ආයතනය පවසයි. මෙය අපට උදෑසන නැගෙනහිර අහසේ ක්ෂිතිජයට මදක් ඉහළින් නිරීක්ෂණයට හැකිය. වල්ගා තරුව අඳුරු අහසේ දිගු වූ වලිගයක් සහිත දීප්තිමත් ගිනි බෝලයක් මෙන් පෙනෙනු ඇත.