සියදිවි නසා ගැනීමට ඉඩ සලසන ආන්දෝලනාත්මක අනාගතවාදී පෙනුමැති "Sarco" සියදිවි නසා ගැනීම් කැප්සියුලයක් ප්‍රථම වරට ස්විට්සර්ලන්තය තුළ භාවිත කිරීම හේතුවෙන් ස්විට්සර්ලන්ත පොලිසිය කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මරණය සඳහා දයානුකම්පාව - euthanasia යනුවෙන් හඳුන්වන මේ නව ක්‍රමය යටතේ ඉඩ දෙන්නේ වේදනාව සහ දුක් වේදනා තුරන් කිරීම සඳහා හිතාමතාම ජීවිතය අවසන් කිරීමටය.
ඉකුත් සඳුදා ජර්මනියට මායිම්ව පිහිටි Schaffhausen ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ Merishausen නගර සභා බල ප්‍රදේශයට අයත් වනාන්තරයක ඊනියා "Sarco" කැප්සියුලය භාවිත කර ඇති බව පොලිසිය පවසයි. “සියදිවි නසා ගැනීමට පෙළඹවීම සහ ආධාර කිරීම සහ අනුබල දීම” සම්බන්ධයෙන් මෙහිදී පුද්ගලයන් කිහිප දෙනකුට එරෙහිව අපරාධ නඩු විභාගයක් ආරම්භ කර ඇත. සෞඛ්‍යය සඳහා වගකිව යුතු ස්විට්සර්ලන්ත අමාත්‍ය Elisabeth Baume-Schneider සඳුදා පැවසුවේ මෙම කැප්සියුලය නිෂ්පාදන ආරක්ෂණ නීතියේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බවත්, එහි නයිට්රජන් භාවිතය නීත්‍යානුකූල නොවන බවත්ය. මේ කැප්සියුලය සැලකිය යුතු මාධ්‍ය අවධානයක් සහ බලධාරීන් අතර ඔවුන් එයට ඉඩ දෙන්නේ ද යන්න පිළිබඳ දැඩි සාකච්ඡාවක් ද ජනනය කර ඇත.
The Last Resort නම් සමාගම විසින් තැනූ මේ සියදිවි නසා ගැනිමේ කැප්සියුල සිද්ධිය ගැන තතු දත් ප්‍රකාශකයකු පවසා තිබුණේ මියගිය පුද්ගලයා 64 හැවිරිදි ඇමෙරිකානු කාන්තාවක් වන අතර ඇය ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සම්බන්ධ සංකීර්ණ රෝගයකින් දැඩි ලෙස පීඩා විඳි බවය. මේ රැඳවියන් හතරදෙනා අතර The Last Resort හි සම සභාපති ෆ්ලෝරියන් විලට් ද නෙදර්ලන්ත මාධ්‍යවේදියකු සහ ස්විට්සර්ලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටින බව ප්‍රකාශකයා පැවසීය. නමුත් මේ කාන්තාව සිය ජීවිතය අවසන් කරන විට පැමිණ සිටියේ විලට් පමණක් බව ප්‍රකාශකයා පැවසීය. පේරු ජාතික කාන්තාවක් මෙලෙස "Sarco" කැප්සියුලයේ දයානුකම්පා ක්‍රමය භාවිතයෙන් නිත්‍යනුකූලව මියගිය ලොව පළමු පුද්ගලයා බවට පත් විය. සුප්‍රකට පැරාලිම්පික් ක්‍රීඩිකා Marieke Vervoort ද දැඩි රෝග පීඩාවක් හේතුවෙන් වයස අවුරුදු 40 දී මේ ක්‍රමය භාවිතයට ගෙන ජීවිතය අවසන් කළාය.