2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

වසර 44කට පසු මුල්වරට චීනයෙන් මුහුදට න්‍යෂ්ටික මිසයිලයක්

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

වසර 44කට පමණ පසු එනම් 1980 න් අනතුරුව, මුල්වරට චීනය ජාත්‍යන්තර මුහුදට ICBM දිගු දුර මිසයිලයක අත්හදා බැලීමේ ප්‍රහාරයක් දියත් කර ඇත. ව්‍යාජ යුද හිසක් රැගෙන පැසිෆික් සාගරයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) සාර්ථකව දියත් කළ බව චීනය පිළිගෙන තිබේ.

චීනයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සාමාන්‍යයෙන් දේශීයව සිදුවන අතර, එය මින් පෙර සින්ජියැන්ග් ප්‍රදේශයේ ටක්ලමාකන් කාන්තාරය වෙත බටහිර දෙසින් ICBMඅන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කරන ලදී.
ඉකුත් බදාදා දේශීය වේලාවෙන් 08:44 ට (GMT 04:44) ICBM මිසයිලය දියත් කරන ලද අතර එය “අපේක්ෂිත මුහුදු ප්‍රදේශවලට වැටී ඇති” බවත්, “මේ පරීක්ෂණ දියත් කිරීම සාමාන්‍ය” සහ එහි “වාර්ෂික පුහුණුවේ” කොටසක් බවත්, බීජිං ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය. පෙන්ටගනයේ ඇස්තමේන්තුවලට අනුව චීනය සතුව සිය අවි ගබඩාවේ ක්‍රියාකාරී න්‍යෂ්ටික යුද හිස් 500කට වඩා තිබේ.