2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

යුක්රේන න්‍යෂ්ටික බලාගාරවලට රුසියානු ප්‍රහාරයක්!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

රුසියාව යුක්රේන න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රහාර එල්ල කර ඒවා රටේ බලශක්ති ජාලයෙන් විසන්ධි කිරීමට සැලසුම් කරමින් සිටින බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි බදාදා ප්‍රකාශ කළේය. එවැනි ප්‍රහාරයක් න්‍යෂ්ටික ව්‍යසනයකට හේතු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබුණි. සෙලෙන්ස්කි බදාදා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් මේ බව පැවසීය.

රුසියාවට “යුද පිටියේදී අපගේ ජනතාවගේ ප්‍රතිරෝධය පරාජය කළ නොහැකි බැවින්” රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “යුක්රේන ආත්මය බිඳ දැමීමට වෙනත් මාර්ග සොයමින් සිටින” බව කී සෙලෙන්ස්කි “විකිරණ රාජ්‍ය දේශසීමාවලට ගරු නොකරයි” යනුවෙන් ද පැවසීය.

මහා පරිමාණ න්‍යෂ්ටික අනතුරක අවදානම අඩු වුවද, යුක්රේනයේ බලශක්ති පද්ධතියට ඇති රුසියානු තර්ජනය ඉහළ මට්ටමක පවතී. රුසියාවේ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බලශක්ති පද්ධතියෙන් 80% ක් අක්‍රිය වී ඇති බව ඔහු පැවසීය. “රුසියාව අපගේ සියලු තාප බලාගාර විනාශ කර ඇත. ඒ අපගේ ජල විදුලි ධාරිතාවයෙන් විශාල කොටසක්” යනුවෙන් ද සෙලෙන්ස්කි පැවසීය. රුසියාව තුළ මිලිටරි ඉලක්ක වෙත පහර දීම සඳහා දිගු දුර මිසයිල භාවිත කිරීමට යුක්රේනයේ දිගුකාලීන ඉල්ලීම ඇතුළත් කිරීමට අපේක්ෂා කරන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ ඔහුගේ “ජයග්‍රහණ සැලැස්ම” සාකච්ඡා කිරීමට සූදානම් වීමට ටික වේලාවකට පෙර සෙලෙන්ස්කි, UN හමුවේ මෙම දේශනය සිදු කළේය.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00