2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ටීමෝරයේදී රටෙන් බාගයක් පාප්තුමන් වට කර ගනී!

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දින 12ක ආසියා ශාන්තිකර චාරිකාවේ තුන්වැනි අදියර පසුගියදා නැගෙනහිර ටිමෝරයේ දී සිදු විය. එහිදී පැවැත්වූ දේවමෙහෙය සඳහා සිය දහස් ගණන් ඇදහිලිවන්තයන් සහභාගීව තිබුණි. 87 හැවිරිදි පාප්තුමාගේ ආශිර්වාදය ලැබීම සඳහා මෙම මහා පූජාවට මිලියන 1.3 ක ජනගහනයකින් ආසන්න වශයෙන් 600,000 ක ජනතාවක් සහභාගී වූ බව වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පාප්තුමන් එහි පැමිණියේ ශාන්තිකර චාරිකාවේ තුන්වැනි අදියර ලෙස ඉන්දුනීසියාවේ සහ පැපුවා නිව්ගිනියාවේ සිදු කළ චාරිකාව අතරතුරය. එය සිංගප්පූරුවේ දී අවසන් වීමට නියමිතය. 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00