2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

රතු ඉන්දියානු කමලා හැරිස් මාධ්‍ය කළඹයි

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 157

කමලා හැරිස් ස්වදේශික ඇමෙරිකානුවන් පළඳින ආකාරයේ පිහාටු සහිත හිස් පළඳනාවක් සහිතව සිටින ඡායාරූපයක් මුල් පිටුවට භාවිත කිරීම නිසා ඉතාලි පුවත්පතක් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් අවුළුවාලන්නට සමත් වී ඇත.

හැරිස් උප ජනපති සටනට සුදුසු සහකරුවකු සෙවීම ගැන සඳහන් කරන මාධ්‍ය දක්ෂිණාංශික ප්‍රකාශනයක් වන ‘ඉල් ටෙම්පෝ’ Il Tempo නමැති මේ පුවත්පත ‘සුදු මිනිසුන් දඩයම’ යන මාතෘකාව යොදා ගනිමින් යුගයේ වඩාත්ම ආන්දෝලනාත්මක ජනාධිපති අපේක්ෂිකාවගේ  විවාදයට ලක්ව ඇති ඡායාරූපය භාවිත කර තිබුණි.

සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ හැරිස්ගේ මේ රූපය ජාතිවාදී පළ කිරීමක් ලෙස හුවා දක්වමින්, හැරිස්ට ස්වදේශික ඇමෙරිකානු සම්භවයක් නොමැති බව පෙන්වා දෙති. සැබැවින්ම ඇගේ පියා ජැමෙයිකානු ජාතිකයකු වන අතර ඇගේ මව ඉන්දියානු ජාතිකයෙකි.

කෙසේ වෙතත්, පුවත්පතේ ප්‍රධාන කර්තෘ ටොමසෝ සර්නෝ, තමන්ගේ කවරය ගැන කියා  ඇත්තේ, ‘රතු සමැති ඉන්දියානුවන්’ ඇමෙරිකාවේ සියලුම සුළුතරයන්ගේ වඩාත් සුදුසුම  නියෝජනය ලෙස සැලකිය හැකි විශිෂ්ටත්වයේ සංකේතය වන නිසා ඔහු ගෝත්‍රික හිස්වැස්ම සහිත ඡායාරූපයක් තෝරාගත් බවය.

මේ අතර ඉකුත් අඟහරුවාදා, හැරිස් ඇගේ උප ජනාධිපතිවරයා ලෙස මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස්ගේ නම නිවේදනය කළේය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00