2024 ජුලි 27 වන සෙනසුරාදා

වැලි මැක්කන් ගුජරාටයේ 75ක් මරා දමයි!

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

වැලි මැක්කන් සහ කිනිතුල්ලන්ගෙන් බෝවන බව කියන සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරසයක් හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් මරණ 32ක්ම වාර්තා වී ඇත්තේ මේ මාසයේදී බව කියයි. එම කාලය ඇතුළත වෛරසයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 84ක් වන බවද වාර්තා වේ.

මූලික වශයෙන් දරුවන්ට වැඩි වශයෙන් වැළඳෙන බව කියන මෙම වෛරස උණේ, රෝග ලක්ෂණ අතර අධික උණ, හිසරදය, වලිප්පුව ප්‍රධානය. එම රෝග ලක්ෂණ කඩිනමින් හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර ලබා නොදුනහොත්, එය කෝමා තත්ත්වයක් දක්වා වර්ධනය වීමෙන් මරණය සිදුවන බවද වාර්තා වේ. එම වෛරසය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්දිපුර් නමැති ගම්මානයෙන් 1965දී පළමුවරට සොයාගෙන ඇති බැවින් එම වෛරසය ‘චන්දිපුර් වෛරසය’ නමින් හඳුන්වා දී ඇත.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00