2024 ජුනි 08 වන සෙනසුරාදා

පන්ජාබයේ වීදි දරුවන් ලක්ෂ 7ක්!

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

පන්ජාබ් ප්‍රාන්තයේ වීදි දරුවන් ලක්ෂ 7ක් සිටින බව එරට ළමා ආරක්ෂක සහ සුබසාධන සමුළුවකදී අනාවරණය වී ඇත. පාකිස්ථානයේ ළමා ආරක්ෂක සහ සුබසාධන කාර්යාංශය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ එක්ව එරට තිරසර සමාජ සංවර්ධන සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ එම සමුළුවේදී වීදි දරුවන් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු වූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්ථානයේ වීදි දරුවන් සඳහා නීති විරෝධී ක්‍රියාකාරකම් සහ බාලවයස්කාර විවාහ වැළැක්වීම සඳහා නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව එම සමුළුවේදී පන්ජාබ් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කතානායක මලික් අහමඩ් ප්‍රකාශ කළ බවද වාර්තා වේ. ළමා අයිතිවාසිකම් ස්ථාපිත කිරීමට සහ ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති රාමුවක් ද කඩිනමින් ස්ථාපිත කිරීමට එම සමුළුවේදී එකඟතාවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00