2024 මැයි 18 වන සෙනසුරාදා

බුද්ධොත්පත්තිය කොරියාවේ මහ ඉහළින් සැමරේ!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

කොරියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් මැයි 15 වැනි දින බුද්ධොත්පත්තිය සැමරීමට එක් රොක් වෙති. ක්‍රි.පූ. 6 වැනි හෝ 5 වැනි සියවස්වල බුදු දහම ආරම්භ කළ සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත සිහිපත් කිරීම සඳහා සෑම වසරකම දකුණු කොරියාවේ වසන්ත සමය තුළ මේ මහා සැමරුම් උළෙල පැවැත්වේ.

වාර්ෂිකව චෙරි මල් පෙති වැටීමෙන් පසු උදාවන, බුදුන් වහන්සේගේ උපන් දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා වර්ණවත් කඩදාසි පහන් දකුණු කොරියාව පුරා ගස්වල සහ  වීදිවල දෙපස සරසමින් දිස්වීමට පටන් ගනී. 16% ක් බෞද්ධයන් වන දකුණු කොරියාවේ වසර 50 කට ආසන්න කාලයක් ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගෙන ඇති මේ සැමරුම් දිනයේ දී පන්සල් වෙත යන දායකයන් සැමට නොමිලේ දානයක් ලෙස ලබා දෙන  සචල් බඳුනක් භුක්ති විඳිය හැකිය. විශ්වයේ වර්ණ පහ නියෝජනය කරමින් පංච වර්ණවත් සෘතුමය එළවළුවලින් අසුරා සරසා ඇති මෙම දානය එරට සුවිශේෂී වූවකි.  වසර 1,700 කට වැඩි කාලයක් කොරියාවේ බෞද්ධ පූජකවරුන්ට "බුද්ධත්වය සඳහා ඔවුන්ගේ ශරීරය සකස් කර ගැනීමට" උපකාර කිරීම සඳහා සෘතුමය අමුද්‍රව්‍ය භාවිත කර බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මෙම දේශීය ආහාරපාන යොදාගෙන ඇත. බැතිමතුන්ට වෙසක් දින ලබා දෙන්නේ මේ ඉස්තරම් සුවිශේෂි දානයයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00