2024 මාර්තු 30 වන සෙනසුරාදා

මොස්කව් ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

මොස්කව් හි ‘ක්‍රොකස් සිටි හෝල්' ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ  මරණ සංඛ්‍යාව 140 ට වඩා බොහෝ වැඩි විය හැකි අතර රුසියානු රාජ්‍ය පරීක්ෂණ පවසන්නේ මේ වන විට අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ වාර්තා 143ක් ලැබී ඇති බවයි. විමර්ශන කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට මළසිරුරු 84ක් හඳුනාගෙන ඇති බවයි.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. මේ අය මැයි 22 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබේ. එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙක් ද මේ අතර සිටිති. ප්‍රහාරකයන් විසින් ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් පසු දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන්   බොහෝ දෙනකු මිය ගොස් ඇති අතර, එය එහි වහළය කඩා වැටීමට ද හේතු විය. ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත. එය 2004 බෙස්ලාන් පාසල් වැටලීමෙන් පසු රුසියාව තුළ ඕනෑම කණ්ඩායමක් විසින් සිදු කරන ලද මාරාන්තිකම ප්‍රහාරය වන අතර යුරෝපීය භූමියේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ද වෙයි. රුඩිකල් ඉස්ලාමීය සංවිධානයක් මෙම ප්‍රහාරය සිදු කළ බවට ජනාධිපති පූටින් ද ජාතිය අමතා කළ කතාවේදී ප්‍රකාශ කළ අතර ඔවුන් හා යුක්රේනය අතර සම්බන්ධයක් ඇතැයි ද කීවේය.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00