2024 මාර්තු 30 වන සෙනසුරාදා

ලෝකය තත්ත්පරයක් පස්සට පනියි!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

ඉතිහාසයේ පළමු වතාවට, අපගේ ඔරලෝසුවෙන් තත්ත්පරයක් අඩු කිරීමට ලෝක කාලසටහන්කරුවන්ට සලකා බැලීමට සිදුවිය හැකි යැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දේ. ඒ අනුව ඉදිරියේදී ලෝක වෙලාවෙන් තත්ත්පරයක් අඩුවීමට නියමිතය.

“තත්ත්පරයක සෘණ පිම්මක්" ලෙස හඳුන්වන ඔරලෝසුවලට තත්ත්පරයක් මගහැරීමට සිදුවිය හැකි මෙ අලකලංචියට මුහුණ දීමට සිදුවන්නේ 2029 දී පමණ බව නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයක් බදාදා ප්‍රකාශ කළේය. 

සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ භූ භෞතික විද්‍යාඥයකු වන අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ඩන්කන් ඇග්නිව් පැවසුවේ “මෙය පෙර නොවූ විරූ තත්ත්වයක් සහ විශාල වෙනසක්” කියාය. එය කිසියම් ව්‍යසනයකට හෝ වෙනත් දෙයකට තුඩු දෙන පෘථිවි භ්‍රමණයේ විශාල වෙනසක් නොවේ. නමුත් එය සැලකිය යුතු දෙයකි. අපි ඉතා අසාමාන්‍ය කාලයක සිටින බවට එය තවත් ඇඟවීමකි.” යනුවෙන් ඔහු පෙන්වා දෙයි. පෘථිවි ධ්‍රුව දෙකෙහිම අයිස් දියවීම අපේ ග්‍රහලෝකයේ ගමන් වේගයට ප්‍රතිරෝධයක් වී තිබේ. එනිසා සිදුවන පමාව අපේ කාලයෙන් තත්ත්පරයක පමණ ප්‍රමාණයක් උදුරාගෙන තිබේ. මෙම පමාවන ගෝලීය තත්ත්පරය ගණනය කිරීම අපේ ලෝකය වෙනදාට වඩා ටිකක් වේගයෙන් භ්‍රමණය වන නිසා තවත් වසර තුනකින් පමණ සිදුවීමට ඉඩ ඇති බව ඇග්නිව් පැවසීය.