2024 මාර්තු 23 වන සෙනසුරාදා

ලොව දරුණුතම මීතේන් කාන්දුව කසකස්ථානයේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

ලොව මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම මීතේන් කාන්දුවීම කසකස්ථානයේ දුරස්ථ තෙල් ළිඳකින් සිදු වී ඇති බව නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.

හදිසි පුපුරා යාමකින් හටගත් ගින්නක් හේතුවෙන් මාස හයකට වැඩි කාලයක් පුරා මීතේන් වායුව ටොන් 127,000ක් කාන්දු වී ඇති බව ගණන් බලා ඇත. මීතේන් කාබන් ඩයොක්සයිඩ්වලට වඩා දරුණු හරිතාගාර වායුවකි. කෙසේ වුවද ඒ ළිඳ හිමි බුසාචි නෙෆ්ට් සමාගම මෙලෙස මීතේන් "සැලකිය යුතු ප්‍රමාණයක්" කාන්දු වූ බව ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සියේ හරිතාගාර වායු සමතුලිතතා කැල්කියුලේටරයට අනුව, එවැනි කාන්දුවක පාරිසරික බලපෑම වසරකට පෙට්‍රල් කාර් 717,000කට වඩා ධාවනය හා සැසඳිය හැකිය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00