2024 මාර්තු 23 වන සෙනසුරාදා

දුවන්න හපන් අලුත්ම චීන රොබෝව!

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

චීන සමාගමක් වන Unitree විසින් නිර්මාණය කරන ලද H1 නම් නව මානවරූපී රොබෝවරයා, තත්පරයට මීටර් 3.3 හෝ දළ වශයෙන් පැයට සැතපුම් 7.4ක් තරම් වන  (එය පැයට සැතපුම් 11 දක්වා ළඟා වූ බව ප්‍රකාශ කර ඇත.) හියුමනොයිඩ් රොබෝ නව වේග වාර්තාවකට හිමිකම් කියා තිබේ. ඇත්තටම මෙය තවමත් සාමාන්‍ය මිනිස් ධාවන වේගයට වඩා මඳක් අඩුය. නමුත් ඉතා ඉහළ මට්ටමේ සාර්ථකත්වයක පෙරනිමිත්තකි.

මිනිස් සිරුර ඇත්ත වශයෙන්ම රොබෝවරයකු සඳහා සුදුසු ආකෘතියක් නොවේ. නමුත් බොහෝ සමාගම් සැබෑ පිරිමි ළමයකු මෙන් ධාවනය කිරීම, පැනීම සහ පැකිලීමේ සීමිත චලන හැකියාව ඇති රොබෝවරු නිර්මාණය කර ඇත. නමුත් ඒ කිසිවකුට එසේ කරද්දී මේ තරම් ඉහළ වේගයක් ජනනය කිරීමට නොහැකි වී ඇත. මෙම මස මුලදී, චීන රොබෝ සමාගමක් වන Unitree එහි H1 හියුමනොයිඩ් රොබෝවරයාගේ ආකර්ෂණීය ගුණාංග ඉස්මතු කරන වීඩියෝවක් Youtube වෙත උඩුගත කරන ලදී. එහි දැක්වෙන අයුරු ඔවුන්ගේ රොබෝවරයාගේ විස්මිත වේගය, පෙර ධාවන වේග වාර්තා දරන්නා වූ Boston Dynamics’ Atlas පරදවයි. Unitree පවසන්නේ එහි කෘත්‍රිම නිර්මාණය පැයට සැතපුම් 11 ක වේගයක් පවා ලබාගත හැකි බවයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00