2024 මාර්තු 23 වන සෙනසුරාදා

තාරකා විද්‍යා ලෝකයම කළඹන “නව තාරකාවක්!”

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 107

ජීවිතයේ එක් වරක් පමණක් දැකිය හැකි අපූරු ආකාශ දර්ශනයක් නැරැඹීමේ  අපේක්ෂාවෙන් ලොව තාරකා විද්‍යාඥයෝ දැන් උද්‍යෝගිමත්ව සිටිති. මේ මොහොතේ සිට සැප්තැම්බර් දක්වා ඕනෑම වේලාවක රාත්‍රී අහසේ “නව තාරකාවක්” දිස්වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව නාසා ආයතනය පැවසීමත් සමඟය.

නෝවා ලෙස හැඳින්වෙන මෙම අපේක්ෂිත දීප්තිමත් සිදුවීම, ක්ෂීරපථයේ බූට්ස් සහ හර්කියුලිස් තාරකා මණ්ඩල අතර පිහිටා ඇති කොරෝනා බොරියාලිස් ලෙස හැඳින්වෙන උතුරු ඔටුන්න තාරකා මණ්ඩලයේ සිදුවන්නට නියමිතය. සුපර්නෝවා යනු දැවැන්ත රතු තාරකාවක් පුපුරා සිදුවන මරණයයි. නමුත් නෝවා යනු මියගිය සුදු වාමන ලෙස හැඳින්වෙන තාරකාවකින් නිකුත්වෙන හදිසි, කෙටි පිපිරීමකි. මෙය සිදුවන්නේ Corona Borealis රාශියේ හි ඇති T Coronae Borealis ලෙස හැඳින්වෙන මියගිය සුදු වාමන තාරකාවක් සහ වයස්ගත වූ යෝධ රතු තාරකාවක් ඇතුළත් ද්විත්ව තරු පද්ධතිය ආශ්‍රිතවය. සෑම වසර 79 කට පමණ වරක් T Coronae Borealis මෙවන්  පුපුරන සුළු සිදුවීමක් අත්විඳින බව නාසා කියයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00