විද්වතුනට අනුව මිනිසා දෙපයින් නැගී හිටියේ මීට වසර මිලියන 7කට පෙරය. ඒ වන විට ආදි කාලයේ සිට පැවැති වල්ගය අතුරුදන්ව තිබුණි. මිනිසාගේ වල්ගය අතුරුදන් වීමට වගකිව යුතු කවුද? එය සිදුවූයේ කවදාද? කියා සොයා බැලූ විද්වතුනට දැන් ඒ ගැන හෝඩුවාවක් මතුව තිබේ.
මෑතක විද්‍යාඥයන් පිරිසක් පෘෂ්ඨවංශීන්ගේ වලිගය වර්ධනයට සම්බන්ධ ජාන 140ක් පරීක්ෂා කර තිබුණි. ඒ පර්යේෂණයෙන් හෙළි වූයේ TBXT නම් ජානයකට අලුත් DNA කොටසක් එකතු වීම සිදුව ඇති බවයි. ඒ අනුව මේ DNA එකතුවීම සිදුව නැති වඳුරන් අතර වල්ගය රැඳී තිබුණත්, DNA අලුතෙන් එකතු වීම සිදුව ඇති මානවයන්ගේ සහ වානරයන්ගේ වල්ගය දක්නට ලැබී නැත. මේ ජාන වෙනස සිදුව ඇත්තේ මීට වසර මිලියන 25 කට පමණ පෙර බවට වාර්තා වී ඇත. මේ කියන හැටියට මානවයන්ගේ වලිග සොරාගෙන ඇත්තේ මේ කියන ටිඑක්ස්බීටී ජානයට එක්වූ අලුත්, DNA කොටසකි.