2024 මාර්තු 09 වන සෙනසුරාදා

ලෝක සල්ලිකාරයා කිරුළ නැවතත් ජෙෆ් බේසොස් හට

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

ලෝකයේ ලොකුම සල්ලිකාරයා බවට යළිත් අමේසන් ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජෙෆ් බේසස් පත්ව ඇත.
ඒ අනුව මාස 09 ක පමණ කාලයක් අඛණ්ඩව එම ස්ථානය හිමිකරගෙන සිටි එලෝන් මස්ක් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වී තිබේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ පළමු ස්ථානයේ සිටින ජෙෆ් බේසස්ගේ වත්කම මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 200යි දශම 3ක් ලෙස දැක්වේ. එහි දෙවැනි ස්ථානයේ පසුවන එලොන් මස්ක්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 197යි දශම 7 කි. 

මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ කොටස් සියයට 7යි දශම 2 කින් පහළ වැටීමත් සමඟ ඔහු එලෙස ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණ ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00