“අතිශය දුර්ලභ" කැස්බෑවකුගේ පළමු ගහනය ඉන්දියාවෙන් සොයාගෙන ඇත. වඳවී ගිය බවට සැක කළ කැස්බෑ විශේෂය හමුවී ඇත්තේ දකුණු ඉන්දියාවේ කේරළයේ චන්ද්‍රගිරි ගං ඉවුරෙනි.
මේ සුවිශේෂී විශේෂය ‘කැන්ටර්ගේ’ යෝධ මෘදු කවච කැස්බෑවා - Cantor’s giant softshell turtle, ලෙස හැඳින්වෙයි.
පෝර්ට්ස්මූත් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් ප්‍රමුඛ සංරක්ෂණවේදීන් කණ්ඩායමක් විසින් මේ සතුන්ගේ "රහස්" කැදැල්ල සොයා ගන්නා ලදී. දකුණු හා අග්නිදිග ආසියාවේ ගංගාවලට ආවේණික වූ මේ විශේෂය බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව සිටියහ. කැන්ටර්ගේ යෝධ සොෆ්ට් ෂෙල් කැස්බෑවකු 1m (අඩි 3) ට වඩා දිගට වැඩෙන අතර බර කිලෝග්‍රෑම් 100 (රාත්තල් 220) ට වඩා වැඩි බව කියයි. සොයාගත් ස්ථානයට ආසන්නයේ මේ සතුන්ගේ ප්‍රජා අභිජනනාගාරයක් සහ තවානක් පිහිටුවීමට කණ්ඩායම දැන් කටයුතු කරමින් සිටියි.