2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පුටින්ටත්, ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳලු!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධූරයේ සිටීම රුසියාවට වඩාත් හොඳ වන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ක්‍රෙම්ලිනයට පක්ෂ මාධ්‍යවේදියකු වන පාවෙල් සරුබින් සමඟ බදාදා කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබේ.

එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදී පාවෙල් සරුබින් විමසූ විට,  පුටින් පැවසුවේ Biden බලයේ සිටීම රුසියාවට වඩා හොඳ වනු ඇති බවයි. “ඔහු වඩා පළපුරුදු පුද්ගලයෙක්, ඔහු ගැන අනාවැකි කිව හැකියි. ඔහු පැරුණි ආකෘතියක දේශපාලනඥයෙක්" යැයි පුටින් කියා තිබුණි. කෙසේ වෙතත්, රුසියාව "ඇමෙරිකානු ජනතාවගේ විශ්වාසය දිනාගන්නා එක්සත් ජනපදයේ ඕනෑම නායකයකු සමඟ කටයුතු කරන" බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.