කැමැත්තෙන්ම මෙලොවින් සමුගැනීමේ යූතේන්සියා ක්‍රමවේදයට- Euthanasia, අනුව සිය ජීවිත අවසන් කිරීමට නෙදර්ලන්තයේ හිටපු අගමැති යුවල පියවර ගෙන ඇත. මේ අමුතු නව ක්‍රමවේදයට මෙලොවින් සමුගත්තේ නෙදර්ලන්තයේ හිටපු අගමැති ඩ්‍රයිස් වැන් ඇග්ට් සහ ඔහුගේ බිරිය එව්ජිනීය.
වසර 1977 සිට 1982 දක්වා නෙදර්ලන්තයේ අගමැති ධූරයේ කටයුතු කළ ඩ්‍රයිස් සහ ඔහුගේ බිරිය එව්ජිනි දෙදෙනාම මිය යන විට 93 හැවිරිදි වියෙහි පසු වූ බවත්, දැඩි ලෙස රෝගාතුරව සිටි අතර, එකම මොහොතක මරණය වැළඳ ගැනීමේ කැමැත්තෙන් පසු වූ බවත් වාර්තා විය. ඔවුන් එරට නීතියෙන් අවසර දී ඇති දුක් නොවිඳ මිය යෑමේ ක්‍රමයට අනුව අතිනත පටලා අනායාසව මරණයට පත් වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කැමැත්තෙන්ම මෙලොවින් සමුගැනීමේ මෙම Euthanasia, ස්වයඃප්‍රාණඝාතනය යොදාගන්නේ වේදනාව සහ දුක් වේදනා තුරන් කිරීම සඳහා හිතාමතාමය. විවිධ රටවල මේ සඳහා විවිධ ස්වයඃප්‍රාණඝාතන නීති මේ වන විට තිබේ. ඇමෙරිකාවේ වොෂිංටන්, ඔරිගන්, කැලිෆෝනියාව, කොලරාඩෝ, මොන්ටානා සහ වර්මොන්ට් ප්‍රාන්තවලද හවායි හිද නීත්‍යානුකූල මෙය ස්විට්සර්ලන්තය, ජර්මනිය, ජපානය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, කොලොම්බියාව සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයක නීතිගතය. බොහෝ විට මේ අවස්ථාව උදාවී ඇත්තේ පිළිකා රෝගීන් සඳහාය. එසේ වුවද මෙම Euthanasia, ස්වයඃප්‍රාණඝාතනය බොහෝ රටවල තවමත් මතවාදයට තුඩු දුන් ගැටලුවකි.