2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සෙනසුරුගේ තවත් සඳක සැඟවී ගිය මහා සාගරයක්!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

සෙනසුරුගේ මිමාස් නමැති චන්ද්‍රයා තුළ සැඟවුණු මහා සාගරයක් ඇති බව සොයාගෙන ඇත. ප්‍රංශයේ Observatoire de Paris හි තාරකා විද්‍යාඥ වලේරි ලයිනි - Valery Lainey ඇතුළු පිරිසක් මේ ආන්දෝලනාත්මක සොයා ගැනීම සිදුකර ඇත.

ඔවුන්ගේ ගණනය කිරීම් අනුව තහවුරුවී ඇත්තේ, එහි මතුපිට ඇති දැවැන්ත ආවාටයක් හේතුවෙන් ස්ටාර් වෝර්ස් හි ඩෙත් ස්ටාර්ට සමාන වන මිමාස් නමැති චන්ද්‍රයාගේ   සැතපුම් 15ක් වූ ඝන අයිස් කවචයට යටින් සැතපුම් 45 ක් පුරා පැතිර ගිය ගැඹුරු සාගරයක් සැඟවී ඇති බවය. එය සාමාන්‍යයෙන් මීමාස්ගේ පරිමාවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

සෙනසුරු දක්වා ගිය නාසා ආයතනයේ කැසිනි මෙහෙයුමෙන් ලබාගත් ඡායාරෑප දහස් ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසු, ලයිනි සහ ඔහුගේ සගයන් මීමාස්හි නිරවද්‍ය භ්‍රමණය සහ කක්ෂ චලිතය ප්‍රතිනිර්මාණය කළහ. ඔවුන්ගේ ගණනය කිරීම්වලින් පෙනී ගියේ මීමාස් එය ගමන් කරන අමුතු ආකාරයට ගමන් කිරීමට නම් සැඟවුණු භූගත සාගරයක් තිබිය යුතු බවයි.

මේ අනපේක්ෂිත සොයාගැනීමත් සමඟ සැතපුම් 250 ක් පළල අයිස් බෝලයක් වන මීමාස්, සෙනසුරුගේ ටයිටන් සහ එන්සෙලාඩස් මෙන්ම බ්‍රහස්පතිගේ යුරෝපා සහ ගනිමීඩ් ඇතුළු සූර්ය ග්‍රහ මණ්ඩලයේ භූගත සාගර සහිත සුවිශේෂී චන්ද්‍රයන් අතරට එක්වූ නවතම සාමාජිකයා බවට පත්වෙයි. වසර 1789 දී මීමාස් ප්‍රථම වරට හඳුනාගත් තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල්ගේ නමින් එහි ඇති කැපීපෙනෙන මහා ආවාටය හර්ෂල් ආවාටය ලෙස නම් කර ඇත. විශ්වය පුරා ජීවය උපන් තැන් සොයා යන විද්‍යාඥයන් හට මිමාස් හි සාගරය ද උනන්දුව වඩන ස්ථානයක් වනු ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00