2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

චීනය තුළ යළිත් කොවිඩ්!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

චීනය තුළ යළිත් කොවිඩ් රෝගය හිස ඔසවා ඇත. චීනයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව මෑත කාලීන නිරීක්ෂණ දත්ත මගින් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් චීනයෙන් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ සංඛ්‍යාව ද තරමක් ඉහළ ගොස් තිබෙන බව සඳහන්ය. වෙනත් ශ්වසන රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසන පරිදි එළඹෙන වසන්ත සැණකෙළියට සමගාමීව සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කොවිඩ් පැතිරීම ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.