2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ගාසා තීරයේ දින 135ක සටන් විරාමයත් හබක්!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

ඊශ්‍රායලය ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් ඇතිකර ගැනීමට ගිය එකඟතාවයට එරෙහිව සිය විරෝධය පළ කර ඇත. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එහි සඳහන් වූ සියලු කොන්දේසි ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම සටන් විරාම යෝජනාව පළමුව ඉදිරිපත් වූයේද ඊශ්‍රායල පාර්ශ්වයෙනි. එහෙත් ඒ සම්බන්ධයෙන් හමාස් සටන්කාමීන් සිය යෝජනා ඉදිරිපත් කර තිබුණි. හමාස් සංවිධානයේ පළමු යෝජනාව වී තිබුණේ දින 135ක් සටන් විරාමය ක්‍රියාත්මක කිරීමටයි. සියලුම ඊශ්‍රායල කාන්තා ප්‍රාණ ඇපකරුවන්, වයස අවුරුදු 19ට අඩු පිරිමි, මහළු පුද්ගලයන් සහ රෝගීන් නිදහස් කිරීමටද හමාස් එකඟ වී තිබුණි.

ඒ වෙනුවට ඔවුන් ඉල්ලා තිබුණේ ඊශ්‍රායල් සිරකඳවුරුවල සිටින කාන්තාවන් සහ ළමුන් නිදහස් කරන ලෙසටය. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවට වන කොන්දේසියක්ද එහි ඇතුළත්ව තිබුණි. එහෙත් ඊශ්‍රායාල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගාසා තීරයේ සම්පූර්ණ ජයග්‍රහණය තමන්ට මාස කිහිපයකින් ලබාගත හැකි බවයි.