2024 ජනවාරි 27 වන සෙනසුරාදා

COVID-19 ට වඩා 20 ගුණයක් දරුණු වසංගතයක්!

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

මෑත කාලීනව පැවැති ලෝක ආර්ථික සමුළුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ නුදුරු අනාගතයේදී COVID-19 ට වඩා 20 ගුණයක දරුණු වසංගතයකට ලෝකය මුහුණ දිය හැකි බවයි.

විද්‍යාඥයෝ මෙම උපකල්පිත නව වසංගතය හැඳින්වීමට ‘X රෝගය’ යන නම භාවිත කරති. ඔවුන් පවසන්නේ එය බොහෝ විට කොවිඩ් මෙන් ශ්වසන වෛරසයක් විය හැකි බවයි. දැනට හඳුනාගෙන ඇති රෝගයක් වැඩිදුරටත් පැතිරීම වෙනුවට බොහෝ දුරට නොදන්නා අලුත් රෝග කාරකයක ප්‍රතිඵලයක් ලෙස එය පැමිණිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් රටවල් අතර රෝග නිවාරණ සහ මර්දන තාක්‍ෂණය බෙදාහදා ගැනීමට සහ රෝග පිළිබඳ නිරීක්ෂණ ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයන් ඇතුළුව අනාගත වසංගතයකින් ආරක්ෂා වීමට යම් යම් මුලපිරීම් ආරම්භ කර හමාරය.