2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ලොව විශාලතම කොරල්පරය ෆ්ලොරිඩාවෙන්!

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට දකුණු කැරොලිනා ප්‍රාන්තය දක්වා සැතපුම් 310ක් දුරට විහිදුණු නව කොරල්පරයක් සොයා ගැනීමට එරට විද්‍යාඥයන් සමත් වී ඇත. එය මෙතෙක් සොයා ගනු ලැබූ ගැඹුරැම මුහුදේ පිහිටි විශාලතම කොරල්පරය ලෙස සිතියම්ගත කිරීමට ද පියවර ගෙන තිබේ.

හිරු රැස් විනිවිද නොයන අඩි 655ක සිට අඩි 3,280ක් දක්වා ගැඹුරේ පිහිටි එම කොරල්පරය යට මෝරුන්, බූවල්ලන්, ඉස්සන් ඇතුළු දුර්ලභ මත්ස්‍ය වර්ග රැසකගේ වාසස්ථානය වී ඇතැයි ද හෙළි වී තිබේ.

අත්ලාන්තික් වෙරළට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටා ඇති එම කොරල්පරය, එහි  ඇතැම් ස්ථාන සැතපුම් 68ක් පමණ පළලින් වැඩි දුර්ලභ කොරල් සහිත විශ්මයජනක පරයක් බව සාගර ජීව විද්‍යාඥයකු වන ස්ටුවර්ට් සැන්ඩින් ප්‍රකාශ කර ඇත. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00