2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ගාසා තීරයේ අසාමාන්‍ය හමාස් උමං ජාලය!

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 145

ගාසා තීරයට යටින් ඇති හමාස් උමං ජාලය මූලික ඇස්තමේන්තුවලට වඩා සැතපුම් සිය ගණනක් වැඩි විය හැකි බව ආරංචි මාර්ග කියයි.

මෙම උමං මාර්ග සැතපුම් 350ත් 450ත් අතර පැතිර තිබිය හැකි අතර ඒ ඔස්සේ ඕනෑම තැනකට යා හැකිවන ලෙස ඇතුළුවීමේ උමං දොරටු 5,700ක් පමණ ඇති බව ඊශ්‍රායල නිලධාරීන් මාධ්‍ය වෙත කියා ඇත. ගාසා තීරයේ දිගම ස්ථානය සැතපුම් 25 ක් පමණ විහිදෙන බැවින් උමංවල විශාලත්වය "අසාමාන්‍ය" බව ඔවුහු පවසති.

ඛාන් යුනිස් හි පමණක් උමං දොරවල් සහ භූගත නිර්මාණ සඳහා හමාස් ඩොලර් මිලියනයක් වැය කළ බව 2022 ලේඛනයක් තහවුරු කර ඇත.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට යටින් සැතපුම් 100ක් පමණ පැතිර ගිය  උමං මාර්ග පිහිටා ඇති අතර, ඊශ්‍රායල හමුදා හමාස් හමුදා නායක යාහ්යා සින්වාර් සොයා ප්‍රදේශය සෝදිසි කිරීමේදී මේ උමං මං හමුව ඇත. ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් පමණ ඝාතනය කර තවත් 240ක් පමණ පැහැරගෙන යාමෙන් පසුව ආරම්භ වූ ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරයේ දී හමාස් උමං මාර්ග ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00